පැයකින් කොළඹින් යාපනයට...

 

රත්මලානේ සිට යාපනයට පැයයි විනාඩි දහයක ගුවන් ගමනකින් ළඟාවීමේ පසුව සලසා ඇතැයි රත්මලාන ගුවන්තොටුපොළ කළමනාකාර අරුණ රාජපක්ෂ පවසයි.  


මෙම ප්‍රවාහන සේවය සතියට දින හතරක් වන පරිදි ක්‍රියාත්මක කෙරෙන අතර එහිදී සෙනසුරාදා, ඉරිදා අඟරුවාදා, බ්‍රහස්පතින්දා යන දිනයන්හි මෙම ගුවන් ගමන් කටයුතු උදෑසන ක්‍රියාත්මක කෙරෙන බව ඒ පැවසීය.


මගීන් දොලොස්දෙනකුට ගමන්කල හැකි Cessna 208 නමැති අංක දරණ ගුවන් රථය මෙම ගමනට අද එක්විය.


Fits Aviation / David Pieris Aviation යන සමාගම් මෙම මගී ප්‍රවාහනයට ගුවන් රථ යොදවා ඇත.


මෙහි ගමන් කරන මගීන් ට කිලෝ 7 බර රැගෙන යා හැකි වන අතර යාපනයට යෑමට සහ ඒමට වඩා වැඩි පහසුවක් සැලසෙන බව කළමනාකාර අරුණ රාජපක්ෂ පැවසීය.

Post a Comment

0 Comments