පලාතෙන් පලාතට කැමති නීති හදාගන්න දෙන්නයි යන්නේ..

 

දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය වන්නේ නීති හදාගැනීමට බලය මිස ජනතාවට සේවය කිරීමට බලය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කරයි.

13 වන සංශෝධනය නැවත ක්‍රියාත්මක කිරීමට යාමෙන් සමාජ දේශපාලන වශයෙන් බෙදීමකට ලක් වන බවත් හෙතෙම පැවසීය.

අද රටක් ලෙස සියලුම දෙනා තියුණු ආර්ථික සමාජිය අභියෝගයක් හමුවේ සිටින මොහොතක එය සුදුසු නොවන බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

බලය බෙදීමට අවශ්‍ය නම් එය විය යුත්තේ පළාත් පාලන ආයතනයට බවත් නීති හැදීමේ බලය හෙවත් ව්‍යවස්ථාදායක බලය බෙදිය නොහැකි බවත් හෙතෙම කියා සිටී.

පළාතෙන් පළාතට කැමති නීතිය සාදා ගැනීමට ඉඩ දිය නොහැකි බව ද පෙන්වන ඔහු ප්‍රායෝගික පරිපාලන බලය පළාත් සභාවෙන් නොනවත්වා ප්‍රාදේශීය සභාවට ම දිය යුතු බවද කියා සිටියේය.

නමුත් ඊට දෙමළ ජාතික සන්ධානයේ විරුද්ධ වන්නේ ඔවුන්ට අවශ්‍ය වන්නේ ජනතාවට සේවය කිරීමට අවශ්‍ය බලය නොව නීති හදන බලය නිසා යයි පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති වැඩසටහනකට එක්වෙමිනි.

Post a Comment

0 Comments