ගංජා ග්‍රෑම් 150 ක ප්‍රමාණයක් සමඟ චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව ඔයාමඩුව පොලිසිය සඳහන් කරයි.
අනුරාධපුර ඔයාමඩුව බණ්ඩාරගම ප්‍රදේශයේ විහාරස්ථානයකදී මෙම චීවරධාරියා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් අනුව එම විහාරස්ථානය පරික්ෂා කිරීමේදී මෙම ගංජා හමුවී ඇත.
තවදුරටත් පොලිස් පරීක්ෂණ ක‍්‍රියාත්මකය.


0 Comments