ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මුවා වී සේවක අර්ථසාධක අරමුදල කොල්ල කෑමට සූදානමක් ඇති බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.
එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරන්නේ අර්ථසාධක අරමුද කොල්ලකෑමට යන රනිල් නන්දලාල් ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව සේවකයන් ලක්ෂ ගණනින් පෙළගස්වන බවයි.
සියලූ කර්මාන්තශාලා කඩසාප්පු පෞද්ගලික ආයතන සියල්ලේම විසි පන් ලක්ෂයකට ආසන්න සේවක පිරිසක් එක මිටට පෙළගස්වන බව ද ඔහු පැවසීය.
අර්ථසාධක අරමුදල් කොල්ලයට සම්බන්ධ නන්දලාල් ඇතුළු මුදල් මණ්ඩලය මහජන අධිකරණ වල දඬුවම් ලැබිය යුතු බවද ඔහු කියා සිටී.
මේවා සාහසික අපරාධ මෙන්ම මොවුන් අධිකරණවල චූදිතයන් බවට පත්වන බවත් හෙතෙම තව දුරටත් පැවසීය.

0 Comments