හරක් කටාට සහාය දුන් PC බෝට්ටුවෙන් රටින් පනී..?

 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින හරක් කටා හෙවත් නදුන් චින්තකට එම ස්ථානයෙන් පලා යාමට සහය දුන් පොලිස් කොස්තාපල්වරයා මේ වන විට මුහුදු මාර්ගයෙන් රටින් පලාගොස් ඇති බවට පොලිසිය සැක කරයි.

එම පොලිස් කොස්තාපල්වරයාගේ වර්ගයේ පෙම්වතිය ද රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් දෙමින් සඳහන් කර ඇත්තේ ඔහු විදේශගත වීම සඳහා ඉකුත් මස විසි එක් වෙනිදා විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන ඇති බවයි.

විදේශ ගතවීමෙන් පසු තමන් ද එම රටට ගෙන්වා ගන්නා බවට ඔහු ප්‍රකාශ කළ බවද ඇය සඳහන් කර ඇත.

කෙසේ වෙතත් පොලීසිය සඳහන් කරන්නේ සැකකාර කොස්තාපල්වරයා මෙතෙක් ගුවන් තොටුපලක් හරහා විදේශගත වී නැති නමුත් විදේශගත වීම සඳහා සියලු සැලසුම් සකස් කරගෙන සිටි බව හෙළි වී ඇති බවයි.

මෙම තත්වය මත ඔහු මුහුදු මාර්ගයෙන් රටින් පලා ගියේ දැයි පොලිසියට සැක මතුවී තිබේ.

කෙසේ වෙතත් මේ වන විටත් ඔහුට රටින් පිටවීමේ එරෙහි වාරණ නියෝගයක් පනවා ඇති අතර සියලු ගුවන්තොටුපලවලට ඒ බව දැනුම් දී තිබේ.

ඉකුත් දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හරක් කටාගෙන් ප්‍රශ්න කරමින් සිටියදී අදාළ නිලධාරීන්ට මත් ඖෂධයක් ලබා දී හරක් කටාට එම ස්ථානයෙන් පලා යාම සඳහා උපකාර කළ බවට මෙම කොස්තාපල්වරයාට  චෝදනා  එල්ල  වෙයි.

Post a Comment

0 Comments