සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය නව දූෂණ විරෝධි පනත යටතේ ඉදිරිපත් කරන මෙගා පැමිනිලි 1000 වෙනුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට තවත් පැමිනිලි 10 ක් ඉදිරිපත් කිරිමට කටයුතු කලා.
ඉදිරිපත් කරන පැමිනිලි 10 සමග නව පනත යටතේ සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරය සිදුකල මුලු පැමිනිලි ගනන 50 ක් වෙයි. අද පැමිනිලි 10ත් සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැදවුම්කරු දර්ශන තන්ත්‍රීගේ විසින් ඉදිරිපත් කලා.
එම පැමිනිලි නම්
- ඕස්ට්‍රේලියාවෙ පැවති 2022 ටී 20 තරගාවලිය සම්බන්ධව විගනකාධිපතිවරයා නිකුත්කල විශේෂ විගනන වාර්තාවෙන් අනාවරනය වන දූෂණ අක්‍රමිකතා සම්බන්ධ පැමිනිල්ල.
- ජාතික ගමනාගමන කොමිෂන් සභාව සම්බන්ධව විගනකාධිපති විසින් නිකුත් කළ විගනන වාර්තා ව මගින් අනාවරණය වන දූෂණ .
- සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා 2022 නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය කෙරෙන දූෂණ සම්බන්ධ පැමිණිල්ල
- 2022 විගණකාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් සිදුකළ විගනනයෙදී අනාවරණය වූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධ පැමිණිල්ල
- දකුණු ආසියානු කලාපීය ආර්ථික සහයෝගීතාවයෙන් කණු මතින් දිවෙන වරාය මාර්ග ප්‍රවේශ ව්‍යාපෘතියේ වැඩපළ ගොඩනැගිලි සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිදු වූ දූෂණ සම්බන්ධ පැමිණිල්ල
- ආයුර්වේද දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා 2022 වර්ෂයේ නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය වන දූෂණ සම්බන්ධ පැමිණිල්ල
- රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ විගනන වාර්තාවෙන් අනාවරණය වන දූෂණ සම්බන්ධ පැමිණිල්ල
- ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2022 විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්තාවෙන් අනාවරණය වන දූෂක සම්බන්ධ පැමිණිල්ල
- ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා 2022 නිකුත් කළ වාර්තාව අනුව අනාවරණය කරන දූෂණ සම්බන්ධ පැමිණිල්ල
- ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අරමුදල් කළමනාකරණ සමාගම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා 2022 නිකුත් කළ විගණන වාර්තා වෙන් අනාවරණය වන දූෂණ සම්බන්ධ පැමිණිල්ල .
0 Comments