ඡන්ද නොතිවුවොත් අරගලයෙන් ආණ්ඩුව පන්නනවා.. අරගලයට දැනටමත් සූදානම්..

 



මැතිවරණ වලට වෙට්ටු දැමීමට පාලකයන් කටයුතු කරන්නේ නම් මහජන අරගලයක් හරහා ආණ්ඩුව ගෙදර වන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේඩී ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

දැනටමත් ඉල්ලීම් අටක් මුල්කරගනිමින් වැඩකරන ජනතාව අරගලයට සූදානම් සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

දූශිත ආණ්ඩුවක් එළවා දමන්නට නම් ඡන්දයක් පැවැත්වීමම අවශ්‍ය නොවන බවත් ඊට වෙනත් ක්‍රම හා විධි පවතින බවත් හෙතෙම පෙන්වා දෙයි.

එනිසා ඡන්දයක් බැරිනම් අරගලයකින් හෝ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් සෙවීමට ප්‍රගතිශීලී ජනතාව සූදානම් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Post a Comment

0 Comments