රටේ පවතින ආර්ථික ගැටළුවට මේ මාසයේදි විසදුම් ලැබෙනවා…

 



මේ රටේ දැනට පවතින ආර්ථික ගැටළුවට මේ මාසය තුලදි විසදුම් ලැබෙන බව හිටපු අමාත්‍ය සහ මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ බව්වාගම ශාඛාව ප්‍රතිසංවිධානය කිරිමේ උත්සවයට සහභාගි වෙමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ලෝක මුල්‍ය අරමුදලින් මුදල් ලැබිමෙන් පසු ලබන වසරේ මුල් කාර්තුව තුල යලිත් මේ රට තුල සංවර්ධන කටයුතු ආරම්භ කරන බවයි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ රජය තරම් කිසිදු රජයක් මේ රට තුල සංවර්ධන කටයුතු සිදු නොකල බවත්, යලිත් එම සංවර්ධන කටයුතු ආරම්භ කිරිමෙන් පසු නාවලපිටිය ආසනය තුල සිදු කල යුතු සංවර්ධන කටයුතු සියල්ල යලි ආරම්භ කරන බවයි.

Post a Comment

0 Comments