හමාස් ඉශ්‍රාල්‍ය ගැටුම හේතුවෙන් ඊශ්‍රාලයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව තොරතුරු දැන ගැනීම සදහා දුරකථන අංක 02ක් හඳුන්වාදි ඇතිබව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී සෙනරත් යාපා මහතා පැවසීය.
ගැටුම් හේතුවෙන් එක් ශ්‍රී ලාංකික පුද්ගලයකු සුළු තුවාල ලබා තිබේ.
ඔවු පිළිබඳව තවදුරටත් තොරතුරු සොයමින් ඇතිබව පැවසීය.
ඊශ්‍රායලය තුළ ශ්‍රී ලාංකිකයන් 8000 පමණ සේවය කරයි. 90% සාත්තු සේවයේ නිරත වන බව පැවසීය.
එම ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු දැන ගැනීම සදහා දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව 0094716640560 වට්ස් ඇප් අංකය මගින් හෝ 1989 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්ශනික දුරකථන අංකය හරහා තොරතුරු ලබාගත හැකි බව වැඩිදුරටත් පැවසීය.
0 Comments