දිගින් දිගටම සිදුවන දුම්රිය වර්ජන පිළිබඳව අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, මහජනතාව පීඩාවට පත් කිරීමට කටයුතු කළ වර්ජකයන් සම්බන්ධව තරාතිරම නොබලා දැඩි විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අමාත්‍යශ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.
පසුගිය මාසය තුල ද දුම්රියට සම්බන්ධ වර්ජකයින් 84 දෙනකු පමණ අත්තනෝමතික ලෙස දියත් කළ වර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් තරුණ ශිෂ්‍යයකුගේ ජීවිතයද අහිමි වූ අතර ඒ පිළිබද විමර්ශනයන්ද දෙපාර්තමේන්තු මට්ටමින් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ කරුණු සියල්ල පිළිබඳව අවධානය යොමු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජය පියවර ගන්නා ලදී.
එම නීති රීති ද ක්‍රියාත්මක වෙමින් තිබියදී, දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු සහ දුම්රිය උප නියාමකවරයෙකු අතර දුම්වැටියක් මුල්කරගෙන ඇතිවු ආරවුලක් මූලික කරගනිමින් ආරම්භ කරන ලද ක්ෂණික දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව තිබේ. මේ හේතුවෙන් දෛනිකව දුම්රිය භාවිතා කරන කාර්යාල සේවකයින් ඇතුළු මගින් විශාල පිරිසකට දැඩි පීඩාවකට මුහුණ දීමට සිදුවිය.
මෙම සියලු කරුණු පිළිබඳව දැඩි අවධානය යොමු කර, අසනීප නිවාඩු වාර්තා කරමින් සිදුකරන වර්ජනය පිලිබඳ අමාත්‍යාංශ මට්ටමින් කඩිනම්, අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ පාර්ශවයන් වෙත දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.
මීට අමතරව දිගින් දිගටම මගී ජනතාව ඇපයට තබාගනිමින් සිදුකරන මෙම වර්ජන ක්‍රියාමාර්ග පසුපස කිසියම් කඩාකප්පල්කාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිල්ලක් සිදුකර කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.
ඒ අනුව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සහ අධීක්ෂණයෙන්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිළධාරින්ගේ දායකත්වයෙන් සිදුකෙරෙන කඩිනම්,අපක්ෂපාතී පරීක්ෂණයෙන් අනතුරුව අවශ්‍ය පාර්ශවයෙන් වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
0 Comments