පසුගිය ඔක්තෝබර් මාසය වන විට ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතාගේ ජනප්‍රියත්වය විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ.
සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණයේ දී ජනාධිපතිවරණය ඔක්තෝබර් මාසයේදී පැවැත්වූයේ නම් අනුර දිසානායක මහතා සමස්ත ඡුන්දවලින් 51% ක ප්‍රතිශතයක් ලබා ගන්නා බව හෙළි වී තිබේ.
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 30%ක ප්‍රතිශතයක් හා ජනාධිපති රනිල් විකුමසිංහ මහතා 13% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇතැයි ද ඔවුන්ගේ සමීක්ෂණයෙන් හෙලි වී ඇත.
එසේම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයෙකු ලබා ගනු ඇත්තේ 6% ක ඡන්ද ප්‍රතිශතයක් බව ද සමීක්ෂණය තව දුරටත් කියා සිටී.

0 Comments