රනිල් මුදල් ඇමති අද ඉදිරිපත් කළ අයවැයේ මුළු ඉලක්කය ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සදහා පමණක් යොමු වී ඇතැයිද වැඩි කළ රජයේ වැටුප්,විශ්‍රාම වැටුප් හා අස්වැසුම සදහා ගෙවීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම සඳහා නිෂ්පාදන ආර්ථිකය වර්ධනය කරන කිසිම යෝජනාවකට අවධානය යොමු කර නොමැති බවත්,රජයේ ආදායම් ඇස්තමේන්තු අනුව 95% ක්ම බලාපොරොත්තු වෙන්නේ බදු ආදායම් වලින් බවත් ,මෙහි අනිවාර්ය ප්‍රතිඵලය නැවත ඍජුවම පටවන අධික බදු බරක් 2024 දීද ජනතාවගේ හිස මතට කඩාපාත්වීම බවත්, රාජ්‍ය ආදායම් සොයා ගැනීමට ආණ්ඩුව වෙනත් කිසිම විකල්ප යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කර නොමැති බවත් ආර්ථික විශේෂඟ්‍රයෝ පවසති.
ජනවාරි සිට වැඩිකරන රුපියල් 10000/ = ගෙවන්නේද අප්‍රේල් මස සිට බවත්,ජන.පෙබ හා මාර්තු වලට අදාළ වැටුපේ හිඟ මුදල ගෙවන්නේ ඔක්තෝබර් මාසයෙන් පසුවනම් එය ගෙවීමට සිදුවන්නේ ඊළඟ ජනාධිපතිට බව ද ,රනිල් ගේ මෙම ගේම් ජනතාව හොඳින් වටහාගෙන ඊළඟ ජනාධිපතිවරණය එන තෙක් නොඉවසිල්ලෙන් බලාසිටින බවද ,රාජ්‍ය සේවක වැටුප් රුපියල් 20000/කින් වැඩි කිරීම ඉල්ලීම බවත් මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රජාතන්ත්‍රවාදී රා. සේ.වෘ.ස.සම්මේලනයේ ලේකම් MDR අතුල Lanka L news වෙත පැවසීය .
තවදුරටත් අදහස් දැක්වූ ඔහු පැවසුවේ රනිල් ගේ මෙම අයවැයත් ඉලක්කම් ප්‍රමාණයක් එහා මෙහා කර ඉදිරිපත් කර ඇති එකක් බවත් ,අයවැය යෝජනා යථාර්ථවාදී ව ඉෂ්ඨ කළ හැකි ඒවා නොවන බවත් ය.
එසේම ආර්ථික වර්ධනය ලබා ගැනීමේ කොඳු නාරටිය වන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් නමුත් ඒ ක්ෂෙත්‍රයේ වර්ධනය සඳහා මෙම අයවැයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් නිතරම ආර්ථික ස්ථායිකරණයක් ගැන කථා කරන රනිල් ඒ දෙසට ක්‍රියාමාර්ග නොගෙන ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සදහා අයවැයක් ඉදිරිපත් කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
0 Comments