ක‍්‍රිකට් ආයතනයෙන් සජිත්ට හුක් පහරක්..

 



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත යොමු කරන ලද ලිපියක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී එල්ල කරන ලද චෝදනා ප්‍රතික්ෂේප කර බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

ක‍්‍රිකට් ආයතනය විසින් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය වෙත යවා ඇති ලිපිය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට මග පෑදූ බව විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

කෙසේ වෙතත් ක්‍රිකට් ආයතනය නිවේදනය මගින් සදහන් කරන්නේ අනතුරු ඇඟවීම් කිසිවක් නොතකා ක‍්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාගේ අඛණ්ඩ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් වූ බවයි.

එනිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යොමු කරන ලද ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට හේතු වූ බවට ඇති එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද නිවේදනයේ සඳහන්ය.

ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පදනම් විරහිත චෝදනා එල්ල කිරීමට පෙර විමසිලිවත්ව හා බුද්ධිමත්ව ඒ ගැන සලකා බලන්නැයි ඉල්ලා සිටින බව නිවේදනය වැඩිදුරටත්  සඳහන් කරයි.

Post a Comment

0 Comments