එළඹෙන පහළොස් වෙනිදා සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණය සහ එ් අවට ප්‍රදේශය පුරවා දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා සඳහන් කරයි.
මේ වැසි කාලය නිසා වෙනත් ඉඩකඩ ඇති ස්ථානයක් සොයාගත නොහැකි සුගතදාස ක‍්‍රීඩාංගනය තෝරාගත් බව ද ඔහු පැවසීය.
නමුත් පොදුජන පෙරමුණට මේ වන විට ජනප්‍රසාදය අනුව ගාලු මුවදොර පිටිය ද පිරවිය හැකි තරම් ජනප්‍රසාදයක් ඇති ඇති බවද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානය ඉදිරියේදීම මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සම්මේලනය 15 වැනිදා පැවැත්වෙන බවත් ඒ සඳහා රට පුරා සිටින පාක්ෂිකයන්ට පැමිණෙනු ඇති බවත් හෙතෙම තවදුරටත් පැවසීය.
පසුගිය වසරේ මැයි 09 වෙනදා බිමටම සමතලා කර දමන බවට පැවසූ පොදුජන පෙරමුණ මේ වන විට ඉතා සාර්ථකව නැඟිට ඇති බවත් නමුත් යම් පසුබැස්මක් තිබෙන බව පිළිගන්නා බවද කියා සිටියේය.
0 Comments