ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි වී ඇති තරඟ තුනේ හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්‍ෂණ සඳහන් කරයි.
පරාජය වූ ඇෆ්ගනිස්ථාන තරඟයෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු කියා සිටියේ තරඟය පරාජය වීමේ වගකීම තමන් භාරගන්නා බවයි.
කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස තමනට කඩුලු දෙක තුනක් දවා ගැනීමට නොහැකි වීම තර පරාජයට ප්‍රධාන වශයෙන් බලපෑ බවත් ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ඉවතට විසි වී යාමේ ඉහළ අවදානමක පවතින අතර ඉදිරි තරඟ තුනම ඉහලා දළ ලකුණු ලබාගැනීමේ වේගයකින් ජයග්‍රහණය කිරීම සහ සෙසු කණ්ඩායම්වල ජය පරාජයන් මත අවසන් හතර දෙනා අතරට යාමේ ඉතා සීමිත අවස්ථාවක් පමණක් ඉතිරිව තිබේ.
0 Comments