‘ජනතාව කෝපයෙන්.. නිවසේ ඉන්න එපා..’- පොලිසියෙන් ෂම්මිට දන්වයි..

 

ජනතාව ඇවිස්සී සිටින නිසා තම නිවසේ නොසිටින්නැයි ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සභාපති ෂම්මි ද සිල්වාට පොලිසියෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව තම නිවසේ ආරක්ෂාවට අද ගැටළුවක් වී ඇති බවද ඒ මහතා පැවසීය.

තමන් ක්‍රිකට් ආයතනයේ සත පහක් වත් හොරකම් කර නැති බවද පැවසූ ඔහු තමන්ට අමුතුවෙන් හරිහම්බ කරගන්න දෙයක් නැති බවත් තමන් සල්ලි ඇති පවුලක අයෙකු බවත් කියා සිටියේය.

Post a Comment

0 Comments