නිරායුධ,සාමකාමී කාන්තාවන්ට එල්ල කළ ජල ප්‍රහාරය වැ.බ පොලිස්පතිගේ බලය පෙන්වීමට සිසුකළ එකක්ද. පා.ම.හරිනී අමරසූරිය අසයි



 බඩුමිළ  හා බදු වැඩිකරමින් සිටින මේ පීඩාකාරී පාලනයට එරෙහිව ජා.ජ.බලවේගයේ කාන්තා සංවිධානයේ විරෝධතාවයක් අද පාර්ලිමේන්තු වට රවුමේදී පැවති  අතර විරෝධතාවයේ යෙදී  සිටි හරිනි අමරසූරිය ඇතුළු කාන්තාවන් පාර්ලිමේන්තුව දෙසට පා ගමනින් ගමන් කිරීමට සැරසුනු මොහොතේ එය විසුරුවා හැරීමට දැවැන්ත ජල ප්‍රහාරයක් පොලීසිය විසින් එල්ල කරන ලදී.

          අනතුරුව මේ ගැන  පාර්ලිමේන්තුව⁣ට පැමිණ විශේෂ  ප්‍රකාශයක් කළ හරිනි මන්ත්‍රී තුමිය පැවසුවේ ,පත්වෙලා ඉන්න පොලිස්පති මාස 3ක කාලයක් තුල ඔහුගේ වැඩ පෙන්වීමට හා ආණ්ඩුවේ බලධාරීන්ව සතුටු කිරීමට නිරායුද ,සාමකාමි කාන්තාවන්ට ජල ප්‍රහාරයක් එල්ල කළ බවත්,මේ ආණ්ඩුවේ හෙලුව  දිනෙන් දින පෙන්වමින් සිටින බවත්,එයින් තේරෙන්නේ රටේ පාලකයන් ගැහැණුන් ගැන හිතන විදියත්,දකින විදියත්,ගැහැණුන්ට දෙන වටිනාකමත් යැයි ඇය පවසා සිටින ලදී.සාමකාමිව උද්ඝෝෂණයේ යෙදෙන කාන්තාවන්ට සලකන්නේ මෙහෙමනම් ,ආණ්ඩුවවත් සමඟ සාකච්ඡා නැති බවත් ,මේ දුෂ්ඨ ,නපුරු ,අසංවේදී පාලනය ඉවරකරන, ඒකට තිත තියන වැඩේට අපි ගැහැණුන් විදියට නායකත්වය දෙන බවත්,මේ පාලනය අවසන් කරන බවත් පැවසීය .

 මෙම ප්‍රහාරය දැඩි පිළිකුළෙන් හෙළාදුටු උත්තර ලංකා සභාගයේ මන්ත්‍රීවරයකු  පැවසුවේ රනිල් වික්‍රමසිංහගේ මාමා වන JR ද එදා මානව හිමිකම් දිනය සැමරෑ ශ්‍රේෂ්ඨ නායිකාවක වූ විවියන් ගුණවර්ධන සහෝදරිය⁣ටද ප්‍රහාර එල්ල කළ බවත්,අද ඔහු ගේ බෑනාද කාන්තාවන්ට එලෙසම ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන තිබෙන බවත්, මෙයට තනි තනිව මුහුණදීමට නොහැකි  බවත්,ඒ සඳහා වහාම පුලුල්  වාමාංශික පෙරමුණක් වැඩ පිළිවෙලක් මත  ගොඩනැගිය යුතු බවත් ය...

Post a Comment

0 Comments