අද ප්‍රධාන දේ මිනිස්සුන්ට ජීවිත් වෙන්න බෑ.බී ලූණු 500 ට ළඟයි.බිත්තරයක් රු.65, සීනි ගිණි ගණන්.විදුලි බිල ,ජලබිල දරන්න බෑ.ජීවිත් වෙන්න  බෑ මේකෙ පදනම තියෙන්නේ  IMF ගිවිසුම තුල .පසුගිය මාර්තු 2 IMF ඉදිරිපත් කළා කොන්දේසි 5ක්.

1.බදු වැඩිකරන්න

2.රුපියල පා කරන්න 

3.රාජ්‍ය දේපල විකුණන්න 

4.පිරිවැය මත බලශක්ති මිළ තීරණය කරන්න .

5.දූෂණය නවත්වන්න .මේ පස්වෙනි එක හැර අනික් සියල්ල රනිල් කරනව.නැතිව බදු ඕපපාතිකව වැඩිවෙනව නෙමෙයි .ලයිට් බිල වැඩිවෙන්නෙ IMF නිසා.බදු වැඩි කරන එකෙන් නිෂ්පාදනයට වන බලපෑම  IMF එකට වැඩක් නෑ .උදා.ලෙස යෝගට් එකට වැට් ගැහුවම ඉල්ලුම අඩුනෙව.එවිට නිෂ්පාදනය අඩුවෙනව .ඒවගෙ ව්‍යාපාර කඩාගෙන වැටෙනවා .ද.දේ.නිෂ්පාදනය අඩුවෙනව .රනිල් බලය ගන්න ඉස්සෙල්ලා කිව්වේ ලංකාවේ දැනට තිබෙන  20:80 බදු අනුපාතය වෙනස් කරල සෘජු බදු වැඩිකරනව කිව්ව .ඒත් සෘජු බදු වැඩිකළේ නෑ .සමාගම් බදු, ගහන්නේ නෑ .සීනි ,අල වලට බදු ගහනව .ඉතිහාසයේ කවදාවත් ඩීසල් වලට,පැට්‍රල් වලට,විදුලි බිල ට බදු ගැහුවෙ නෑ .පළමු වතාවට ඒවටත් බදු ගහනව .මේ නිසා භාණ්ඩ හා සේවා වල මිල තුන් හතර  ගුණයකින් වැඩි වෙයි.ජනවාරි ඉඳල මිනිස්සුන්ට ජීවත්වෙන්න බැරිවෙයි.ඒත් මහා පරිමාණ  කොම්පැනි වලින් කෝටි 667 ක් බදු ගෙවල නෑ .මහ බැංකුව මංකොල්ල කාපු අර්ජුන ඇලෝසියස් ගෙ පර්පෙචුවල් ට්‍රෙෂරීස්,රනිල්ගෙ යාලුව එසේ බදු පැහැර හැරල ඉන්න එක්කෙනෙක්.ඒ අයගෙන් අය කරගන්නෙ නෑ .දුප්පතුන්ම නැති කරනව.මේ ක්‍රමයෙන් IMF පස්සෙ ගිහිල්ලා අපේ ආර්ථිකය ගොඩ යන්නේ නෑ .නිෂ්පාදන ආර්ථිකයක් ඕන .වැට් එක නිසා ආර්ථිකයට මරු පහරක් වදිනව.

IMF යන්නේ නැතුව අපිට පාරක් තියෙනව.අපි කිව්ව .ඇත්තටම කරන්න තිබුනෙ අපිට චීනය ,ඉංදියාව වගෙ අපිට ණය දුන්නු රටවල් සමඟ ද්විපාර්ශවීය සාකච්ඡා කෙලින්ම කරන්න.IMF ගිහිල්ලා මිනිස්සු අමාරුවෙ දාන්නෙ නැතුව .imf බෙරේ ගහල මොනවද හමුවුනේ ජනතාවට.ජීවත් වෙන්න බැරි එක විතරයි.

දැන් රනිල් කියනව මේ පාර හැර වෙන පාරක් නැතිලු.හැබැයි එයාගෙ වැල් පාලමෙන් දරුව එගොඩ කරන විට කන්න නැතුව දරුව මැරිලා තියෙයි.විජිත හේරත් මහතා මේ අදහස් පළ කලේ බලය වැඩ සටහනට එක්වෙමිණි.