උත්තර ලංකා සභාගයේ ජනාධිපති අපේක්ෂකයා දිලිත් ජයවීර ද ?


ඉදිරි ජනාධිපතිවරණයේදී උත්තර ලංකා සභාගයේ ජනාධිපති අපේක්ෂකයා  දිලිත් ජයවීර විය හැකි යැයි එහි ජාතිකවාදී පාර්ෂවයේ නායකයකු පවසා තිබේ.

දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කරන "ව්‍යවසායකත්ව රාජ්‍ය" නැමති සංකල්පය සමග උත්තර ලංකා සභාගයේ ජාතිකවාදී පාර්ශ්ව එකඟවීම මෙසේ ඔහු තෝරා ගැනීමට හේතුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .

කෙසේ වෙතත් උත්තර ලංකා සභාගයේ වාමාංශික දහරාව පවසා ඇත්තේ ජනාධිපතිවරණයේදී සහාය දීමට නම් රාජ්‍ය සම්පත් විකුණමින් රට තව තවත් ණය උගුලේ හිරකරන IMF  වැඩ පිළිවෙලට විකල්ප සමාජ ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන දක්ෂිණාංශික විරෝධී  අපේක්ෂකයකුට තම සහාය දියයුතු බවයි.

මේ අනුව ඉතා ගැඹුරු සාකච්ඡාවක් මේ දිනවල උත්තර ලංකා සභාගය තුල හටගෙන තිබෙන බව වාර්ථාවේ .කෙසේ හෝ උත්තර ලංකා සභාගයේ සමගිය තබාගෙන සියලු සාකච්ඡා පැවැත්වීමට එහි නායකත්වය එකඟතාවයකට පැමිණ ඇති බවද සැලය..

.......විමර්ශක ......

තවත් පුවත් : 

Post a Comment

0 Comments