ටැටුගේ කතාව රටටම දුන්නාට ටිරාන්ගෙන් බැණුම්..

 


සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු අදාළ ටැටූ ආයතනයේ හිමිකරුගෙන් මාධ්‍ය ඉදිරියේ තබාගෙන ප්‍රශ්න කිරීමට සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් ප්‍රධානීන්ට සහ බස්නාහිර දකුණු පළාත්භාර නියොජ්‍ය පොලිස්පති ගයන්ත මාරපනට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් දැඩි ලෙස අවවාද කර ඇත.

මෙහිදී බස්නාහිර දකුණු පළාත්භාර නියොජ්‍ය පොලිස්පති ගයන්ත මාරපන අමාත්‍ය ටිරාන් අලස් අමාත්‍යවරයාට සිය කණගාටුව ප්‍රකාශ කර ඇති අතර මින් මතුවට එවැනි ක්‍රියාවක් සිදු නොවන බවට වග බලා ගන්නා බවටද සදහන් කර ඇතැයිද වාර්තා වෙයි.

තවත් පුවත් : 

  • හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත වෙඩි ප්‍රහාරයක්..(VIDEO)
  • කෝලිගේ පොටෝ කොපිය කුසල් මෙන්ඩිස් 20-20 නායකත්වයට..?


Post a Comment

0 Comments