පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඇගයිම් කටයුතු තාවකාලිකව නතර කර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබෙනවා.
එලෙස, තමන්ට පොරොන්දු වූ බව ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ දෙමාපියන් සඳහන් කළේ ය.
ඒ ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේ දී ය.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් ඊයේ (30) පෙරවරුවේ විරෝධතාවල නිරත විය.
පසුව ඔවුන් පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලද රැදී සිටිමින් විරෝධතාවල නිරත විය.
ඔවුන්ගෙන් 06 දෙනෙකුට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට අවස්ථාව හිමි විය.
මේ අතර, ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමට විද්වත් කමිටුව ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි.
මේ අතර, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ශිෂ්‍යත්ව ගැටලුව විසදීමට නව කාලසටහනකට අනුව විභාගය නැවත පැවත්වීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි.
තවත් පුවත් :
- ඊයේ රෑ හැමෝම සුව නින්දේ ඉද්දී මොකක්ද ඒ වුණේ?. පොකට් එකට දැනෙන්න ඉන්ධන මිල විශාල ගාණකින් බැස්සුව ද?.
- මැති ඇමතිවරු රැසකගේ රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර අහෝසි කරයි.
0 Comments