උද්ධමනය බින්දුවත් පසුකර තවත් පහල බසී..


 ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2024 නොවැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව 2024 ඔක්තෝම්බර් මාසයේ දී -0.7% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2024 නොවැම්බර් මාසය සඳහා -1.7% ක් දක්වා අඩු වී ඇත.

2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී 0.0% ක් දක්වා අඩු වී ඇත.

එමෙන්ම, 2024 ඔක්තෝම්බර් මාසයේ දී -2.3% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 නොවැම්බර් මාසයේ දී -3.1% ක් දක්වා අඩු වී ඇත.

Post a Comment

0 Comments