ලංකාවේ බියර් ගැන ඇඟ හිරි වැටෙන කතාවක්! පළිබෝධනාශකත් මිනිස්සුන්ට පොවනවලු!


මෙරට තුළ බියර් නිෂ්පාදනයේදී නියමිත ප්‍රමිතීන් අනුගමනය නොකරන බව සහ ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු වන සංජය මහවත්ත ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

1913 සුරා බදු පනතට අනුව බියර් නිෂ්පාදනයේදී සීනි සහ සහල් භාවිත කිරීම තහනම් වන බවයි ඔහු සඳහන් කළේ.

ධාන්‍යවලට වඩා අඩු මුදලකට සහල් සහ සීනි ලබාගත හැකි වීම හේතුවෙන් වර්තමානයේදී බියර් නිෂ්පාදනයේදී එම ද්‍රව්‍ය භාවිත කරන බවට ඔහු චෝදනා කළේය.

මෙම කාරණය බියර් පානය කරන ජනතාවගේ ශරීර සෞඛ්‍යයට අහිතකර බලපෑම් එල්ල කරන බවයි ඔහු පවසන්‍නේ.

එමෙන්ම මේ ඔස්සේ වෙළඳපොළට විවිධාකාරයෙන් බලපෑම් එල්ල වන බවත් සංජය මහවත්ත පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ, බියර් නිෂ්පාදනය කරන එක් සමාගමක් දිනකට සහල් කිලෝ 80,000 ක් පමණ ඒ සඳහා මිලදී ගන්නා බවත්, එය වෙළඳපොළේ සහල් හිඟයට හේතුවක් වන බවයි.

එමෙන්ම වත්මන් ක්‍රියාපටිපාටිය අනුව බියර් හරහා පළිබෝධනාශක ද පාරිභෝගිකයන්ගේ ශරීරගත වන බව ද ඔහු අනාවරණ කළේය.

Post a Comment

0 Comments