ඉරාන-ඊශ‍්‍රායල ගැටුමට උත්තර හොයන්න කමිටුවක්.. නායක විජිත..

 


මැද පෙරදිග කලාපයේ මේ වන විට උද්ගතව ඇති උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු විය හැකි අභියෝග සම්බන්ධයෙන් පූර්ව සූදානමක් පැවතීමේ අවශ්‍යතාව පිළිබඳව අමාත්‍ය මණ්ඩලය විසින් සිය අවධානය යොමු කරන ලදී.

ඒ අනුව, මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳව සමීපව අධ්‍යයනය කරමින්, බලපෑමට ලක් විය හැකි සියලු ක්ෂේත්‍ර, බලපෑමේ ප්‍රමාණයන් සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව සමාලෝචනයන් සිදු කර, අමාත්‍ය මණ්ඩලය වෙත අවස්ථානුකූලව යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පහත සංයුතියෙන් යුත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමටත්, එම අනුකමිටුවට සහාය වීම පිණිස අදාළ අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විතකමිටුවක් පත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

විජිත හේරත් (සභාපති)

සමන්ත විද්‍යාරත්න

වසන්ත සමරසිංහ

කුමාර ජයකොඩි

Post a Comment

0 Comments