මාස 6 කදී රේගුවෙන් වාර්තාගත ආදායමක්.


ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

ඊයේ (3) කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක් වූ සීවලී අරුක්ගොඩ මහතා,

“ශ්‍රී ලංකා රේගුවේ ආදායම අද වනවිට රුපියල් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා තිබෙනවා. වසරේ තවම මාස 6යි ගතවෙලා තියෙන්නේ. 

මේ වසරේ දී රජය අපිට ලබාදීලා තියෙන ආදායම් ඉලක්කය බිලියන 2115ක් (ට්‍රිලියන 2.115).

ඒ අනුව රේගුවට මේ වනවිට හිමිවෙලා තිබෙන ආදායම අනුව එම ඉලක්කය පසුකර යෑමට හැකිවෙයි කියලා අපි හිතනවා.

මෙම සාර්ථකත්වයට හේතු වුණේ ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතුකර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගතකිරීම නිසා” යැයි පැවසීය.

Post a Comment

0 Comments