හැකි සෑම අවස්ථාවකම ඉන්ධන මිල සහනය ජනතාවට ලබා දීමට කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.ජනපතිවරයා බලයට පත් වූ පසු අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල අඩුකිරීමට රජය කටයුතු කර ඇති බවද අමාත්‍යවරයා කීය.
අද (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
තෙල් මිල ගණනය කරන්නේ මිල සූත්‍රය අනුව බවත්, ඒ ඒ මාසයේ තෙල් මිලෙහි සාමාන්‍ය අගය අනුව එය ගණනය කරන බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
උදාහරණයක් ලෙස ජුනි මාසයේ තෙල් මිලෙහි සාමන්‍ය ගණනය කර ජූලි මාසය සඳහා තෙල් මිල ගණනය කරන බවත්, මිල සූත්‍රය අනුව ජුනි 30 වෙනිදාට එම ගණනය කිරීම් සිදු කරන බව අමාත්‍යවරයා පැහැදිළි කළේය. මිල සූත්‍රයක් මත පදනම්ව ඉන්ධන මිල තීරණය කරන බැවින් , සිදුවන උච්ඡාවචනයන්ට මුහුණ දීමට සිදුවන බවද අමාත්‍යවරයා කීය.
පසුගිය සමයේ තෙල් මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවන්ට දැනුත් වන්දිගෙවමින් සිටින බවද කීය.
0 Comments