මීළඟ වසර දෙක තුළ රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට යළි පත්වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, චැනල් නිවුස් ඒෂියා සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ය.
කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධාන කළ ‘Invest Sri Lanka’ ආයෝජක සමුළුව පසුගියදා සිංගප්පූරුවේදී පැවැත්විය.
මෙහිදී සැසි කිහිපයක් පැවැත්වුණු අතර කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති මහාචාර්ය එච්. දිසාබණ්ඩාර ඇතුළු පිරිසක් මෙහිදී ප්‍රධාන දේශන ඉදිරිපත් කළහ.
එමෙන්ම මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිංගප්පූරුවේදී චැනල් නිවුස් ඒෂියා සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්විය.
මේ අතර මෙරට ඓතිහාසික කඩඉමක් පසුකරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව ඊයේ (18) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 252.16කින් ඉහළ ගොස් ඒකක 20,470.52ක් ලෙසින් සටහන් විය.
එහි දී S&P SL20 මිල දර්ශකය ඒකක 102.62කින් ඉහළ ගොස් ඒකක 5,997.46ක් ලෙසින් සටහන් විය.


0 Comments