අල්ලස් කොමිසමේ 2026 අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය


අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අදාළව, 2026 වර්ෂය සඳහා වූ අයවැය ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ සඳහා අනුමැතිය හිමි වී ඇති බවයි සඳහන් වන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවට මූල්‍යමය ස්වාධීනත්වයක් පවතින බවත්, එම ආයතනය මෙන් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවට ද වඩාත් ස්වාධීනව කටයුතු කිරීම සඳහා මූල්‍ය ස්වාධීනත්වයක් ලබාදීම වැදගත් බවත් එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පෙන්වා දී තිබෙනවා.

එමගින් පවතින දේශපාලන අධිකාරියෙන් බැහැරව, ඕනෑම රජයක් යටතේ, වඩාත් ස්වාධීනව කටයුතු කිරීමට එම ආයතනවලට හැකියාව ලැබෙන බව සභාපතිවරයා පවසා සිටි අතර, ඒ සම්බන්ධව මුදල් අමාත්‍යවරයා වන ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කාරක සභාව මෙහිදී තීරණය කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Post a Comment

0 Comments