Asia Cup Super4 SL vs BAN: බංග්ලාදේශයට කඩුලු 4 ක ජයක්


ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 168 ක් ලබාගත්තා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 34 ක්, පැතුම් නිස්සංක ලකුණු 22 ක්, නායක චරිත් අසලංක ලකුණු 21 ක් හා නොදැවී පන්දුවට පහරදුන් දසුන් ශානක ලකුණු 64 ක් හා  ලබාගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mahedi Hasan කඩුලු 2 ක් හා Taskin Ahmed, Mustafizur Rahman එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

Post a Comment

0 Comments