මිද්දෙණියේදී සොයාගත් බහාලුම් නිදහස් කිරීමට අදාළ ලියකියවිලි සොයා ගැනේ.


පසුගියදා මිද්දෙණිය ප්‍රදේශයේදී හමුවූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිදහස් කිරීමට අදාළ ලියකියවිලි පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

සම්පත් මනම්පේරි නමැත්තාට සැඟව සිටීමට ආධාර අනුබල දුන් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් පසුගියදා අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ලියකියවිලි සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සම්පත් මනම්පේරි නමැත්තාට අයත් බැංකු කාඩ්පත් කිහිපයක්ද එම පුද්ගලයා සතුව තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


Post a Comment

0 Comments