විමල් වීරවංශ කට වරද්දගත්තාද? තංගල්ල පොලීසියෙන් කැඳවීමක්


හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට හෙට(06), තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා.

ඒ, බෙලිඅත්තේ සනා නමැත්තා සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සදහායි.

ඒ අනූව හෙට පෙරවරු 10 ට, තංගල්ල පොලීසිය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී තිබෙනවා.

තංගල්ල සීනිමෝදරදී මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාළව යාත්‍රාව සමග අත්අඩංගුවට ගත් බෙලිඅත්තේ සනා නමැත්තා දින 9 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම්, ක්‍රියාත්මකයි.

Post a Comment

0 Comments