පොලිස් කොමිසම ඉවත් කර, සම්පූර්ණයෙන්ම බලය ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
මෙහි අරමුණ වන්නේ රජයට අවශ්‍ය ආකාරයෙන් පොලීසිය හසුරුවා, දේශපාලනික වශයෙන් රජයට අවශ්‍ය අය ඕනෑ තැන්වලට දමා ගැනීම බවයි අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
අවංකව පොලීසිය හදනවා නම්, පොලිස් කොමිසම බාධාවක් නොවන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ආණ්ඩුවේ අතකොළුවක් නොවන ලෙසට පොලිස්පතිතුමාටත්, අනෙකුත් නිලධාරීන්ටත් ප්‍රකාශ කරන බවත්, ආණ්ඩුවේ අතකොළුවක් ලෙස කටයුතු කර, ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉෂ්ට කිරීමට ගියහොත්, දේශපාලනික වශයෙන් කරන ලද වැරදිවලට වන්දි ගෙවීමටද සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


0 Comments