මාලිමාවට බලය හිමි කොළොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය පරදී

 


ජතික ජනබලවේගයේ බලය පවතින කොළොන්න ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය කෙටුම්පත පරාජයට පත්වුණා.

අද (06) දා පෙරවරු 10 ට පමණ කොළොන්න ප්‍රාදේශීය සභාවේ මාසික සභාවාරය ආරම්භ කෙරුණේ සභාපති සම්පත් ගුණසිංහගේ ප්‍රධානත්වයෙන්.

කොළොන්න ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මංගල අයවැය කෙටුම්පත පළමුවර ඉදිරිපත් කිරීම අද පෙරවරුවේදී සිදු කෙරුණා.

මේ සදහා අද සවස ඡන්ද විමසීම සිදු කළ අතර එහිදී අයවැය පරාජය කිරීමට විපක්ෂයේ කණ්ඩායම් කටයුතු කළා.

ජාතික ජනබලවේගයේ මන්ත්‍රී ආසන 9ක්, සමගි ජනබලවේගයේ ආසන 05ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන 03ක්,එක්සත් ජාතික පක්ෂයේ ආසන 01ක්, සර්වජන පක්ෂයේ ආසන 01ක්, වශයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාව තේරී පත්ව තිබෙනවා.

පසු ගිය පළාත් පාලන මැතිවර‍ණයෙන් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය ජාතික ජනබලවේගය ආසන 9ක් ද විපක්ෂයේ සියලු කණ්ඩායම් ආසන 10ක්ද දිනාගනිමින් විපක්ෂයේ බලය පැවතුණද සභාපතිවරයා තේරීමේ රහස් ඡන්දයේදී ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරමින් කොළොන්න ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවනු ලැබුවා.


Post a Comment

0 Comments