යළි ආර්ථික අස්ථාවරභාවයක් බලාපොරොත්තු වෙන්න එපා - ජනපති


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට පියවර රැසක් ගත්තා.

* අපි පාලනය භාරගන්නා විට ආර්ථිකය දැඩි අවධානමක තිබුණා.

* අප ආරම්භ කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා රාජ්‍ය මූල්‍ය ශක්තිමත් වී තිබෙනවා.

* අපි ආර්ථිකය ස්ථාවර කර තිබෙනවා. යළි ආර්ථික අස්ථාවරභාවයක් බලාපොරොත්තු වෙන්න එපා.

* අප උද්ධමනය 5% කට අඩු මට්ටමක පවත්වා ගැනීමට උපරිමයෙන් කටයුතු කරනවා.

* විනිමය අනුපාතිකය ස්ථාවර වී තිබෙනවා.

* දළ නිල සංචිතය බිලියන 06 ඉක්මවා ගියා. 2026 වසර අවසන් වන විට බිලියන 07 ක් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වනවා.

Post a Comment

0 Comments