වාර්ෂික බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 20ක් දක්වා වර්ධනය කර ගැනීම වත්මන් ආණ්ඩුවේ දිගු කාලීන අරමුණ බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
නාස්තිය අවම කිරීම මගින් බදු ගෙවන්නා තුළ විශ්වාසය වර්ධනය කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම වසරේදී ආදායම් ඉලක්ක ඉක්මවා යාමට හේතුවක් වූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බඳවා ගත් නව සහකාර කොමසාරිස්වරුන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


0 Comments