එළැඹෙන 2026 වසර ඔබට කොහොම වෙයිද? ලග්න අනුව පලාපල විස්තරය සිළුමිණ පුවත්පත මගින් පළ කර තිබුනේ මෙසේය.
මිථුන – විදෙස් රැකියාවලට ඉඩකඩ
ගෘහ ජීවිතය – යෝගකාරක සිකුරු කුජ සහ රවි ග්‍රහයින්ගෙන් තැන්පත් වීම අනුව ගෘහ ජීවිතය යුග දිවිය යහපත් අයුරින් ගත කරන්නට හැකියාව ලැබේ. විදෙස්ගත වී සිටින මවගෙන් හෝ ස්ත්‍රී පක්ෂයේ අයගෙන් උදවු උපකාර ලැබේ. යාන වාහන, දේපළ උරුම වීමට ඇති හැකියාව ද පෙන්වයි. ජූනි මාසයේ සිට ගුරු දෙවැන්නට යාම ඔබගේ තැන්පත් ධනයක් පවත්වාගෙන යාමේ අරමුණු සපල වෙයි.
රැකියාව – සෙනසුරු 10 වැන්නේ ගුරුගේ රාශියක තැන්පත්ව ඇති අතර බුධගේ දෘෂ්ටිය ද ලබයි. ගෞරවනීය රැකියාවන්වලට උරුමකම් ඇත. විදෙස් රැකියාවලට ද ඉඩ ඇත. ගුරු වෘත්තියට බොහෝ විට ළංවෙයි.
අධ්‍යාපනය – ගුරු ලග්නගතව සිට 5 වැන්න දැකීමෙන් විද්‍යාස්ථාන යළි නඟා සිටුවීමත් දරුවන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ඇති වීමත් විභාග ජයග්‍රහණය කිරීමට පිටිවහලක් වෙයි. වාණිජමය විෂයයන් තෝරා ගැනීමට දරුවන් උනන්දුවක් දක්වයි. ව්‍යාපාරික අංශවලට පෙලඹීම සඳහා උපාධි, ඩිප්ලෝමා පාඨමාලා හදාරන්නට යොමුවෙයි.
බදාදා දිනවල නිල් මල් සහිත බෝධි පූජා තැබීමත්, රතන සූත්‍රය සජ්ඣායනා කිරීමත්, විෂ්ණු කතරගම දෙවිවරුන්ට පින් දීමත්, කොහොඹ පැළයක් සිටුවා සත්කාර කිරීමත් අපල දුරු වීමට හේතු වෙයි.
(ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ – සිළුමිණ)
The post 2026 වසරේ ලග්න පලාපල – මිථුන ලග්නය appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/rMiKD5w

0 Comments