රජයේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ ඇරඹීමට තීරණය

 

රජයේ සියලු පාසල්වල ප්‍රාථමික අංශ ඇරඹීමට තීරණය

දිවයින පුරා පිහිට රජයේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශ (1 සිට 5 දක්වා ශ්‍රේණි) එළඹෙන 25 වන සඳුදා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවසර ලබාදී තිබේ.

ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කපිල පෙරේරා මහතා ඒ බව පැවසීය.

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හි ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 දින සිට ආරම්භ විය.

ඒ අනුව දෙවන අදියර යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල් හි ප්‍රාථමික අංශ  (1 සිට 5 දක්වා ශ්‍රේණි) මෙලෙස ආරම්භ කිරීමට සෞඛ්‍ය නිර්දේශ ලැබී තිබේ.

Post a Comment

0 Comments