මැතිවරණ කටයුතු සඳහා බව පවසමින් බාහිර පාර්ශ්ව ලබාදෙන මුදල් මැතිවරණ කොමිසමට භාරගැනීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවසීය.
මුදල් රෙගුලාසි අනුව මැතිවරණ කොමිෂන් සභාවට ලබාගත හැකි වන්නේ මහා භාණ්ඩාගාරය හරහා ලබා දෙන මුදල් පමණක් බවත්, බාහිර පාර්ශ්ව ලබාදෙන මුදල් භාරගත නොහැකි බවත් සභාපතිවරයා කීවේය.
මැතිවරණයට අදාළ මුදල් සොයා ගැනීම සඳහා ක්රමවේදයක් සකස් කරන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පසුගියදා කියා සිටියේය.
මැතිවරණ කොමිෂන් සභාවට පුද්ගලිකව මුදල් පරිහරණය කිරීමේ හැකියාවක් නොමැති බවත් සභාපතිවරයා පැවසුවේය.
මේ අතර, පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබාදීමේ අරමුණින් පාදුක්ක ප්රදේශයේ පිරිසක් ඊයේ (22 වැනිදා) පෙරවරුවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා නමට මුදල් ඇණවුම් යැවීමට කටයුතු කළේය.
පාදුක්ක තැපැල් කාර්යාලයට පැමිණි පිරිසක් මෙලෙස රුපියල් සියය, පන්සියය ආදී වශයෙන් මුදල් ඇණවුම් යැව්වේය.

0 Comments