අජාසත්ත පුතා අම්මා ඉදිරියේ තාත්තා මරා පුච්චයි..

 





හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහර දීමෙන් පියා මියගොස් මව තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මාලබේ පොලිසිය කියයි.

අනතුරුව සැකකරු පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 57 ක් වන රංජිත් සේනාරත්න නැමැති ත්‍රී රෝද රථ රියදුරෙකි.

තදින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිව පුනරුත්ථාපනයව සිටි පුතුව මව විසින් මෑත කාලයේ දී නිවසට ගෙන්වා ගෙන තිබූ අතර කිසියම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි

28 හැවිරිදි සැකකාර පුතු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

මවගේ අතකට බරපතළ තුවාල සිදුවී ඇතැයි පොලිසිය කියයි

මාලබේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Post a Comment

0 Comments