ලොකු තැන්වල හයිය අරන් යාල වැනසූ නඩේ මෙන්න…

 


යාල ජාතික වනෝද්‍යානය තුළ ෆෝ වීල් වර්ගයේ ජීප් රථ යොදා ගනිමින් නීති විරෝධී අයුරින් හැසිරෙමින් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනත උල්ලංඝනය කළ පිරිස සම්බන්ධයෙන් පරිසරවේදී සජීව චාමිකර මහතා විසින් අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හෙළිකර තිබේ.

වනජීවී සහ වනසංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දුරකථන ඇමතුමකට අදාළව මෙම පිරිස යාල ජාතික වනෝද්‍යානය තුළට ඇතුළු වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව මෙහිදී ඔහු විසින් කරුණු හෙළිකරයි.

එලෙස පැමිණි පිරිස අතර අමරවීර අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකුද සිටින බවත් රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාගේ බෑනා කෙනෙකු ඇතුළු දේශපාලන සම්බන්ධතා සහිත පිරිසක් සිටින බවත් ඔහු මෙහිදී සඳහන් කරයි.

වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම පිරිස වනෝද්‍යානය තුළට ඇතුළු කරන ලෙස උද්‍යාන භාරකරුට දුරකථනය හරහා දැනුම් දී ඇති බවත් හෙළිකළ සජීව චාමිකර මහතා මෙම මහා පරිසර විනාශය යට ගැසීම සඳහා ව්‍යාපාරිකයින් සහ දේශපාලකයින් එක්වී නිලධාරීන් සමඟ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ද සඳහන් කලේය.

Post a Comment

0 Comments