නංගිට ගැහුව මස්සිනාට අයියාගෙන් රෝහලේදී කතුරු ප්‍රහාරයක්
November 28, 2022
තම බිරිඳට රෝහල් ගතවන්නටම පහරදී පසුව ඇය බැලීමට රෝහලට පැමිණි සැමියාට බිරිඳගේ වැඩිමහල් සොහොයුරා කතුරකින් ඇන පලාගොස් ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි. එහිදී උදරයට සහ පිට ප්‍රදේශයේ ස්ථාන හතරකට තුවාල සිදුව ඇති එම පුද්ගලයා පානදුර මූලික රෝහලේම නේවාසිකව ප්‍රතිකාර ලබයි.
පින්වත්ත ප්‍රදේශයේ පදිංචි තරුණ යුවළක් අතර පසුගියදා (25 වැනිදා) පස්වරුවේ ආරවුලක් සිදුව ඇති අතර එහිදී සැමියාගේ පහරකෑමට ලක්වූ බිරිඳ ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මද වේලාවකින් බිරිඳගේ තත්ත්වය බැලීමට පහරදීම සිදුකළ සැමියාද රෝහලට පැමිණ තිබෙන අතර පහර කෑ කාන්තාවගේ වැඩිමහල් සොහොයුරාද මේ බව ආරංචි වී රෝහල වෙත පැමිණ තිබිණි.
සිය නැඟණියට මස්සිනාගේ පහරදීමෙන් වී තිබූ තුවාල දැකීමෙන් උරණ වූ වැඩිමහල් සහෝදරයා රෝහලේ සායනික කටයුතු සඳහා යොදාගන්නා කතුරක් අතට ගෙන මස්සිනාගේ උදරයට සහ පිට ප්‍රදේශයට ඇන තිබේ. මෙම ආරවුල රෝහල් කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ මැදිහත්ව පාලනය කර ඇත.
0 Comments