ඉදිරියේ වියළි කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බැවින්, ජල විදුලි බලයෙන් අඛණ්ඩව විදුලිය නිෂ්පාදනය නොකර එය පාලනයක් යටතේ සිදු කිරීම සම්බන්ධව විදුලිබල අංශවල අවධානය යොමු වී ඇත.
මේ වන විට වික්ටෝරියා, රන්දෙණිගල ඇතුළු විදුලි බලාගාර ආශ්‍රිත මහවැලි ජලාශවල ජල ධාරිතාවය සියට අසූව ඉක්මවා පැවතියත්, ඉදිරි දින කීපයේ දී වියළි කාලගුණික තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණික අංශ සඳහන් කරයි.
මෙවැනි තත්ත්වයක් යටතේ දිගින් දිගටම ජල විදුලිය යොදා ගෙන විදුලිය නිෂ්පාදනය කළහොත් කෙටි කාලයකදී ජලාශවල ජල ධාරිතාවය පහළ වැටීමේ අවදානමක් මතුවන නිසා පලානයකින් යුතුව ජල විදුලිය නිපදවීමට සැලසුම් කර ඇත.
මෙවර ඊසාන දිග මෝසම් වර්ෂාවෙන් බලාපොරොත්තු වූ තරමට වැසි නොලැබුණ ද, පසුගිය දිනවල ජලාශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලුණු තද වැසි හේතුවෙන් විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටිම ඉහළ ගියේය.
මේ හේතුව මත ජල විදුලි නිෂ්පාදනය සියයට හැත්තෑවක් පමණ දක්වා ඉහළ ගොස් තිබේ.
0 Comments