13 සංශෝධනය ක‍්‍රියාත්මක කල යුතු හොදම වෙලාවයි මේ…

 


ජාතික නිදහස් දින උත්සවය සැමරිමට මහ භාණ්ඩාගාරයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් කරනවා සේම පළාත් පාලන මැතිවරණයත් පැවැත්විමට මුදල් ප්‍රතිපාදන වෙන් කරන ලෙස සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් මහතා රජයෙන් ඉල්ලා සිටියි.

පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු (29) දින හැටන් නගරයෙන් ආරම්භ කිරිමෙන් අනතුරුව හැටන් නගරයේදි මාධ්‍ය හමුවක් පවත්වමින් ප.ම පලනි දිගම්බරම් මහතා ඒ බැව් පැවසිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටියේ ජාතික නිදහස් දින උත්සවය අනිවාර්යෙන්ම පැවැත්විය යුතු බවයි.

මැතිවරණ කොමිසමේ ඇතැම් නිලධාරින්ට දුරකථනය ඔස්සේ මරණිය තර්ජනය කර පළාත් පාලන මැතිවරණය කල් දැමිමට නොහැකි බවත්, රට පුරා ජනතාව සහ වතුකරයේ ජනතාව සමගි ජනබලවේගයට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදිමට මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදි තිරණය කර ඇති බවයි.

ආර්ථික වශයෙන් රට ගැටළු රැසකට මැදි වි තිබුණද, රටේ ජන මතය පෙන්විමට මැතිවරණය පැවැත්විය යුතු බවයි දිගම්බරම් මන්ත්‍රිවරයා කියා සිටින්නේ.

වතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය මත බිත්තර පරිභෝජනය සිදු නොකරන බවත්, විදුලි කප්පාදුව වතුකරයේ ජනතාවට සහ රටේ සමස්ත ජනතාවට විශාල පිඩාවක් ඇති කරන බවයි දිගම්බරම් මන්ත්‍රිවරයා මාධ්‍ය හමුවේදි කියා සිටියේ.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්විමට ජනාධිපතිවරයා අදහස් කර ඇති බවත්, එය බල ගැන්විම සිදු කල යුතු හොදම අවස්තාව මෙය බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල ගැන්විමේදි ඇතැම් පාර්ශව වලින් එයට බලපැම් එල්ල මතුවිය හැකි බවත්,  එම බලපැම් වලට යටත් නොවි 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව බලගැන්විය යුතු බවයි පලනි දිගම්බරම් මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Post a Comment

0 Comments