අද වන විට ඉන්ධන ගෑස් පෝලිම් නැතිව ලබාගත හැකිව ඇති බව විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. දැන් හරිනම් මිනිස්සු වඳින්න ඕනෑ යැයිද හෙතෙම කියා සිටියේ ගාල්ලේ දී පැවති උත්සවයක් අමතමිනි.
නමුත් ඇතැමුන් දැන් කල්පනා කරන්නේ දේශපාලන වාසි ලබා ගන්නේ කෙසේද යනුවෙන් බවද හෙතෙම කියා සිටියේය.
තව මාසයක් දෙකක් ඇතුළත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකඟතාවය ලැබුණු පසු මෙරට ඇති බංකොලොත් ලේබලය ගැලවී යන බවත් එය සිදු කරනු ලැබුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බවත් හෙතෙමපැවසීය.
0 Comments