සැකකටයුතු අයෙක් මැතිවරණ කොමිසමේ සාමාජිකයකුගේ නිවසට රාත්‍රියේ ගොස් පින්තූර ගනී…

 


මැතිවරණ කොමිසමේ සාමාජිකයකුගේ නිවසට රාත්‍රියේ ගිය අයෙකු පින්තූර ගෙන ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට එල්ලවන තර්ජන සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය.

‘මේක විදේශතව ඉන්න කෙනෙක්ගේ දුරකථනයක් කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළා කියලා මං දැක්කා. ඒකත් එක්ක අපිට ගැටලුවක් එනවා දැන් අපේ දිවාරත්න කියල සාමාජික කොමසාරිස්තුමාගේ ගෙදරට ගිහිල්ලා පාන්දර එකයි ගානට වාහනේ ෆොටෝ එවලා තිබුණා. දුරකථනයේ ඉන්න පුද්ගලයා විදේශ පුළුවන්. නමුත් අර කාරණේ බැලුවානම් CCTV බැලුවානම් කවුද මේ වෙලාවේ ඇවිල්ලා තියෙන්නේ කියලා .ගේට්ටුවෙන් පැනලද කියලා බැලුවානම් සමහරවිට ඒක පරික්ෂා කරා නම් මෙහෙ එකට සම්බන්ධ අය සොයාගැනීමට හා ඒ විමර්ශනය තුළ අනිත් අය පිළිබඳ අදහස් ගැනීමේ අවස්ථාව තිබුණා.ඒකට සම්බන්ධ අය සොයා ගැනීමට සහ විමර්ශනය තුළ අනිත් අය ගැන අදහසක් ගන්න පුළුවන්. නම් ඊට වඩා විමර්ශන කටයුතු වේගවත් සහ කාර්යක්ෂමවිය යුතුයි කියන එක තමයි කොමිෂන් සභාවට පෙනීයන්නේ’

Post a Comment

0 Comments