මහජන උපයෝගිතා කොමිෂන් සභාව නව විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබා දෙන්නේ නම් එදින සිට ලංකා විදුලිබල මණ්ඩලය විසින් අඛණ්ඩව විදුලිය ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ඔහු මේ බව පැසුවේ අද (29) පැවති විශේෂ මාධ්‍ය හමුව අතමිනි.
"ජනවාරි 1 වනදා ඉඳලා අඛණ්ඩව විදුලිය ලබාදෙන්න අපි සැලසුම් ඉදිරිපත් කරලා තිබුණා. මහජන උපයෝගීතා කොමිසම දුන්නේ නෑ. දැන් අද දවසෙත් කියන්නේ හෙට හෝ අද අපිට අනුමැතිය දෙනවා නම් අපි මේ විදුලිය අඛණ්ඩව ලබාදීලා තියෙන සැලසුම ක්‍රියාත්මක කරන්න හෙට ඉඳලා අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්."
0 Comments