මහනුවර නගරය මැත බීමතින් හැසිරුනු භික්‍ෂුන් හයක් අත්අඩංගුවට..

 


භික්ෂු හැදුනුම්පත් සහිතව තරුණයන් හය දෙනෙකු මහනුවර නගරය මධ්‍යයේ බීමතින් සිටි දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මහනුවර පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ විහාරස්ථාන කීපයක වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලා බවයි.

නගර මධ්‍යයේ බීමතින් සිටි මෙම පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට පොලිසිය හැඳුනුම්පත් ඉල්ලා ඇති අතර ඊට අපොහොසත් වීම නිසා ඔවුන් පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කර තිබේ.

එම අවස්ථාවේදී මෙම පිරිස භික්ෂු හැඳුනුම්පත් ඉදිරිපත් කර ඇති අතර ඔවුන් පේරාදෙණිය හා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල ආදි සිසුන් බව හෙලිව ඇත.

මෙම පිරිස සිවුර ගලවා දමා කලිසම් කමිස හැඳ මහනුවර නගරයට පැමිණ මත්පැන් පානය කර ඇති බවද පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

මොවුන් පැවිද්ද අතහැරි අය ද නැතහොත් තාවකාලිකව සිවුරු හරින ලද අය ද යන්න මෙතෙක් නිශ්චිතව තහවුරු කරගෙන ඇති අතර එය ගැනීමට අදාළ විහාරස්ථානවල නායක හිමිවරුන්ට සිදුවීම දැනුම් දීමට පොලිසිය පියවර ගෙන ඇත.

Post a Comment

0 Comments