තරු පහේ හෝටලයක බූරු ගැසූ ප‍්‍රභූන් පිරිසක් අත්අඩංගුවට.. මෙහෙයුම වලානෙන්..

 


මීගමුව ප්‍රදේශයේ පිහිටි තරු පහේ හෝටලයක බූරුවා ගසමින් සිටි ප‍්‍රභූන් ඇතුළු ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් විසි එක් දෙනකු වලාන මධ්‍යම දුෂණ ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බූරුවා ගසමින් සිටි පිරිස අතරට පොලිසියේ උපාය දුතයෙකු යොදවා වැටලීම සිදු කර තිබේ.

එම අවස්ථාවේ එහි තිබූ ලක්ෂ 5 ක පමණ මුදලක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

ඇතැම් සැකකරුවන් නීතියෙන් බේරීම සඳහා පොලිසියට විවිධ ඇවටිලි කලත් නීතිය අකුරටම ක්‍රියාත්මක කළ බව පොලිසිය කියයි.


Post a Comment

0 Comments