දෙපිරිසක් මහ ගැටුමක.. දෙදෙනෙකු මිය යයි.. තිදෙනෙක් රෝහලේ…

 


දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇත.

පුල්මුඩේ ප‍්‍රදේශයේදී මෙම ගැටුම ඇතිවී ඇත්තේ ඉඩම් ආරවුලක් මුල් කරගනිමිනි.

අවුරුදු 41 හා 45 යන වයස්වල පුද්ගලයන් දෙදෙනෙකු ගැටුමින් මිය ගොස් ඇති බව පොලිසිය කියයි.

ගැටුම හේතුවෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කර ඇත.

පොලිස් පරීක්‍ෂණ තව දුරටත් ක‍්‍රියාත්මකය.

Post a Comment

0 Comments