ජංගම දුරකතන වෙලදපල කඩා වැටෙයි.. හොර බඩු පිරෙයි..

 


මෙරට ජංගම දුරකථන ව්‍යාපාරයන් කඩා වැටීමේ අවදානමක් මතුව ඇතැයි දුරකථන ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති සමිත සෙනරත් මහතා පෙන්වා දෙන්නේ නීති විරෝධී ලෙස ජංගම දුරකථන ගෙන්වන ජාවාරමක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි.

මේ ආකාරයට දුරක් ජංගම දුරකථන නීති විරෝධී ලෙස ගෙන්වීමෙන් මෙරටට ලැබෙන බදු ආදායමක් අහිමි වෙන බවත් එමෙන්ම විදේශ විනිමය රටින් පිටට හොර රහසේ ගලාගෙන යන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඊට අමතරව ජාතික ආරක්ෂාවටද නීති විරෝධී ජංගම දුරකථන තර්ජනයක් බව ඔහු සඳහන් කළේය.

Post a Comment

0 Comments